ඇසිල්ලකින් ඔබේ දෝතට

රැදී සිටින්න අප සමගම..

ජයග්‍රාහී ලීලාවෙන්

එන්න අප හා එක්වන්න...

දැනුමින් පෙරටම

නිහැඩියාවෙන් අනන්තය දෙස බලා.....

Saturday, November 3, 2012

පරිගණක දෙකක ජාලයක් නිර්මාණය කරමු.


පරිගණක ජාලයක් කිවු සැනින් අපගේ මතකයට නැගෙන්නේ පරිගණක දෙකකින් සමන්විත සරල ජාලයකි.මෙවැනි ජාලයකින් අපට ලබා ගත හැකි ප්‍රෙයාජන කිහිපයක් සදහන් කරන්නම්, පරිගණක දෙක ඔස්සේ දත්ත හුවාරු කර ගැනීමට සහ ප්‍රින්ටර්,ස්කැනර් වැනි අමතර උපකරණ පොදුවේ භාවිතා කිරීමට මෙමගින් ඉඩ ප්‍රස්ථාව සලසා ගන්න පුළුවන්.ඇත්තම කියනවනම් පරිගණක දෙකක් ජාල ගත කරන්න තියෙන ලාභම සහ පහසුම ක්‍රමය මේක කියලා කිවුවොත් නිවැරදි.

හරි ,කතාව පැත්තකින් තියලා දැන් වැඩේට බහිමුද...?????


අපි දැන් බලමු මේ වැඩේට අපිට ඕන කරන්නේ මොනවද කියලා...
මෙන්න මේ ටික තමා.

අනිවාර්යෙන්ම පිරිගණක 2 ක් ඕනෙමයි (නෙට්වර්ක් කාඩ් තියෙන)
නෙට්වර් කේබල් එකක් - Crossover cable (standard color එක නම් කහපාට හොදේ)

හරි , අපි දැන් බලමු නෙට්වර්ක් එක හදන්නේ කොහොමද කියලා.පහත පියවරවල් අනුගමනය කරන්න.

1. Main computer එකේ Network connections වලට යන්න ඕනේ.WIN key + R කී එක ප්‍රෙස් කරලා Run එකට ගිහින් මෙන්න මේක ටයිප් කරන්න."ncpa.cpl" (උඩු කොමා නැතිව හොදේ :p)

දැන් එයි පහත පිංතූරේ තියෙන විදිහට 


 2. හරි දැන් ඔයාගේ Local area connection කියන එක උඩ මවුස් එකේ Right Button එක click  කරන්න.එතකොට මෙන්න මෙහෙම...(:P)



3.දැන් Internet Protocols (TCP/IP) click කරන්න.ඊට පස්සේ Properties තෝරන්න.
  4. Now select "Use the following IP address", and input the following: මේ විදිහට ඔය ටික කරන්න.

IP address: 192.168.2.1
Subnet Mask : 255.255.255.0
Default Gateway : 192.168.2.2

5. Now click on "Use the following DNS server Addresses", and input the following beside "Preferred DNS Server"
Preferred DNS Server: 192.168.2.2
Click "OK" and then "OK" again to complete the process
See image below for how it should look.
පහත පිංතූරේ තියෙන විදිහට තියෙන්න ඕනේ.



 6. දැන් අනිත් කම්පියුටර් එකේ පහත විදිහට නෙට්වර්ක් සෙටිංන්ස් හදන්න.
WIN key + R කී එක ප්‍රෙස් කරලා Run එකට ගිහින් මෙන්න මේක ටයිප් කරන්න."ncpa.cpl" (උඩු කොමා නැතිව හොදේ :p)







7. හරි දැන් ඔයාගේ Local area connection කියන එක උඩ මවුස් එකේ Right Button එක click  කරන්න.එතකොට මෙන්න මෙහෙම...(:P)



8. දැන් Internet Protocols (TCP/IP) click කරන්න.ඊට පස්සේ Properties තෝරන්න.

9. දැන් පහත විදිහට විස්තර ටික ඇතුල් කරන්නකෝ..

    Now select "Use the following IP address", and input the following:
IP address: 192.168.2.2
Subnet Mask : 255.255.255.0
Default Gateway : 192.168.2.1
 Now click on "Use the following DNS server Addresses", and input the following beside                 "Preferred DNS Server"
Preferred DNS Server: 192.168.2.1

Click "OK" and then "OK" again to complete the process

වැඩේ සරි. එහෙනම් ලයික් එකක් කමෙන්ට් එකක් එහෙම දාලා ගියාට කමක් නෑ.

නැවත හමුවෙමු..
Goodbye..!!!







Tuesday, October 30, 2012

ස්කයිප් ගිණුමට ලොග් වෙන්නම බැරිද...? ස්කයිප් ගිණුමේ හිටපු යාළුවෝ කවුද කියලා බලා ගන්න.,මෙන්න මෙහෙම...

අද මම කියලා දෙන්න යන්නේ....පාස්වර්ඩ් එකක් අමතක වුණ ස්කයිප් ගිණුමක හිටපු ස්කයිප් යාළුවන්ගේ නම් මොනවද කියලා හොයා ගන්න විදිහක්.....(පෝස්ට් එක කියවලම බලන්නකෝ....)

කලිං පෝස්ට් එකේ ලිවුව විදියටම මේකත් අර Main කියල ෆයිල් එකෙන් ගන්න ලොකුම වැදගත්ම වැඩක්. තියෙන වැඩක්. හැබැයි main කියල ෆයිල් එක ඩේටා බේස් ෆයිල් එකක්. එකේ තියෙන ඩේටා මොනවද කියලා අපිට නිකං බලා ගන්න බෑ, ඒකට පොඩි මෘදුකාංගයක් ඕන කරනවා..

මෙතනින් ගිහින් ඒක බාගන්නකෝ

බය වෙන්න එපා චූට්ටං සොෆ්ට්වෙයාර් එකක්. එක unzip කරාම ඒ සොෆ්ට්වෙයාර් එක නිකම්ම ඕපන් කර ගන්න පුළුවන්.ඉන්ස්ටෝල් කිරීමක් අවශ්‍ය නෑ.

UnZIP කරලා ඉවර උනාම ඔය නිලා පාටින් මාර්ක් කරලා තියෙන්නේ....අන්න ඒක ඕපන් කර ගන්න.



සොෆ්ට්වෙයාර් එක ඕපන් උනාම ඔය උඩින් තියෙන පිංතූරේ විදිහට තියෙයි....

ඊට පස්සේ මම අර මුලින් කියපු විදියට Run Window එකේ     %appdata%\Skype    කියන එක ටයිප් කරලා යන්න ස්කයිප් එකේ ෆෝල්ඩර් එකට. දැන් අපිට ලොග් වෙන්න බැරි ස්කයිප් අකවුන්ට් එකේ ” Main ” කියන ෆයිල් ඒක කොපි කරගෙන ඇවිත් ඩෙස්ක්ටොප් එකට Paste කරගන්න. 


දැන් අර පොඩි Software කෑල්ල Open කරගන්න. ඊට පස්සේ Ctrl+O ඔබලා Open වින්ඩෝ එක ගන්න. එකෙන් අපි ඩෙස්ක්ටොප් එකට Paste කරගත්තු ” Main ” කියන ෆයිල් එක තෝරලා Ok කරන්න.

ඒ main file එක ඕපන් කර ගත්තහම මෙන්න මෙහෙම තියෙන්න ඕනේ....


මලා, එකපාරටම ඕක දැක්කහම අපේ ස්කයිප් යාළුවන්ගේ නම් බලා ගන්නේ කොහොමද..?ඒකත් හරිම ලේසියි.....ඕකේ ඔය තියෙන්නේ Browse Data කියලා ටැබ් එකක්...අන්න ඒක click කරලා...එන Drop down list එකෙන් Contacts කියලා තෝරන්න.(යටින් තියෙන පිංතූරේ පෙන්නලා තියෙන්නේ Browse data කියන ටැබ් එක)



ඔන්න වැඩේ හරි....දැන් ඉතින් කරලා බලන්න. ඔය විදිහට කලාම ඔයාගේ ස්කයිප් එකේ හිටපු යාළුවෝ ගෙඩිය පිටින්ම ඔයාට බලා ගන්න පුළුවන්........................

එහෙනම් මම විසිවුණා...තව ලිපියක් ඉදිරියේදී...
Comment එකක් එහෙම දාලා යන්න....:p


Monday, October 29, 2012

ඔබේ ස්කයිප් ගිණුම ආරක්ෂිතයි කියලා ඔබ හිතනවද ...අපෝ නෑ...මෙන්න ආරක්ෂා වෙන්න





ඔන්න අද මම කියන්න යන්නේ....ඔබ ආරක්ෂිතයි කියලා හිතන් ඉන්න,එහෙත් අනාරක්ෂිත ඔබගේ ස්කයිප් ගිණුම ආරක්ෂා කර ගන්න විදිහක්. මේක ගොඩක් දෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවා. ඒ හින්දයි කාලෙකට පස්සේ මේ පෝස්ට් එක ලියන්න පටන් ගත්තේ. ඔන්න එහෙනම් මේකයි සිද්ධිය..

මෙතන වැඩි හරියක්ම මේ කේස් එකට මුහුණ දෙන්න වෙන්නේ ඉන්ටර්නෙට් කැෆේ (Internet Cafe)වලින් ස්කයිප් ලොග් වෙන අයට. මොකද දන්නවද ඒ...අපි කොතනක හෝ තිබෙන පරිගණකයකින් ස්කයිප් ලොග් වෙන කොට , අපේ නමින් ඒ පරිගණකයේ එක්තරා ස්ථානයක වෙනමම Folder එකක් හැදෙනවා. ඒක බලන කෙනෙකුට පුළුවන් ඔයාගේ ගිණුමේ ඉන්න කට්ටිය කවුද කියලා....කිසිම පාස්වර්ඩ් එකක් වත් ඔයාගේ අනුදැනුමක් නැතුව..බලාගන්න. ඉතිං..ටිකක් භයානකයි නේද වැඩේ...ඒක වළක්ව ගන්න හැටි තමා මම අද කියලා දෙන්න යන්නේ...හොදට පෝස්ට් එක කියවලා කරන්න......

(හැබැයි අනුනට ගිණි ගෙඩි දෙන්න යන්න එපා ..පවුනේ :p)

මේක කියලා දෙන්නේ ඔයාගේ ආරක්ෂාවට.සමහර විට මේක දන්න අය දැනටමත් ඔයාගේ ගිණුමට රිංගලාද දන්නේ නෑ...හිහ් හී.....






උඩ පිංතුරේ තියෙන විදිහට වින් කී (WIN key)එකයි ආර් (R) කී එකයි එකවැර ප්‍රෙස් (Press)කරන්න.මතුවෙන Run එකේ පහත පිංතූරේ තියන එක  %appdata%\Skype කියලා ටයිප් කරන්න.





ඒකරලා එන්ටර් (Enter)කරන්න.එතකොට පහළින් තියෙන විදිහට ෆෝල්ඩර් එකක් ඕපන් වෙයි.ඔය බොද කරලා තියෙන්නේ මගේ computer එකෙන් ලොග් වෙච්ච ස්කයිප් ගිණුම් වල නම් ටික.



මෙහෙම ඕපන් වුණු ඔයාගගේ Folder එකේ තියෙන ඔයාගේ Name එකින් Create වෙලා තියෙන Folder එක SHIFT Key එක ඔබාගෙන් Delete කරලා දාන්න.එතකොට කාටවත් ඔයාගේ ගිණුමේ විස්තර බලා ගන්න බෑ...



අදට මෙතැනින් ඉවරයි. ඊළග පොස්ට් එකෙන් මම ලියන්න හිතාගෙන ඉන්නේ පාස්වර්ඩ් එක නැතිවුණ සික්යිප් ගිණුමක හිටපු යාළුවන්ගේ Skype Name බලා ගන්න විදිහ...

එහෙනම් මම ගියා.
බුදු සරණයි !!!

ලයික් එකක් කමෙන්ට් එකක් දාලම යන්න.


Thursday, August 9, 2012

What is a " bad sector on HDD " and how can "repair" it......?


මොකද්ද මේ බෑඩ් සෙක්ටර් එකක් කියන්නේ. කොහොමද රෙපෙයාර් කර ගන්නේ....?


ඔන්න යාළුවනේ....මාස පහ හයකට පස්සේ අද තමා පොඩි නිවාඩුවක් හම්බුනේ පොස්ට් එකක් ලියන්න......මේක කාලීන මාතෘකාවක් විදිහට ලියන්න තමයි ට්‍රයි එක. ගොඩක් අයට මේ වගේ කේස් තියෙන හින්දා හිතනවා ප්‍රයෝජනවත් කියලා......


මොනවද මේ බෑඩ් සෙක්ටර්ස්......? What are those BAD SECTORs


සාමාන්‍යෙයන් අපි දන්නවා අපේ පරිගණකයේ දත්ත ගබඩා වෙලා තියෙන්නේ....දෘඩතැටිය තුල කියලා. ඉතිං ඕක හරියට අපේ අයියලාට වැදගත්,මොකද ගර්ල්ෆ්‍රෙන්ඩ් ගෙ ෆොටෝ එක,කොල්ලො හොරෙන් බීපු හැටි....ඒ වගේ ෆන්ෂන් වල පොටෝ එහෙමත් හංගලා ඇති. ඉතිං මොනව නැතත් හාඩ් එක පරිස්සම් කරගෙන ඉන්න එපැයි කම්පියුටර් එක වැඩ කරවගන්න.

ඉතිං බෑඩ් සෙක්ටර් ඒකක් කියල කියන්නේ කියවීමට නොහැකි දත්ත පොකුරක්/ටිකක්,කියන එක.ඉතිං මෙහෙම උනාම කම්පියුටර් එක ස්ලෝ ඩවුන් වෙනවා. බය වෙන්න දෙයක් නෑ, පොඩි ජිල්මාට් ටිකක් දැම්මහම වැඩේ කර ගන්න පුළුවන්.


There are various problems that can cause HDD bad sectors:
විවිධ හේතු කිහිපයක් තියෙනවා හාඩ්ඩිස්ක් එකක බෑඩ් සෙක්ටර්ස් ඇතිවෙන්න.

  • නුසුදුසු ක්‍රම වලට පරිගණකය විසන්ධි කිරීම.
  • බාල තත්ත්වයේ හාඩ් ඩිස්ක් යොදා තිබීම.
  • දුහුවිලි බැදී තිබීම.
  • තත්ත්වයෙන් බාල වර්ගයේ කේබල් භාවිතය.
  • ඩිස්ක් හෙඩ් එක අතපත ගෑම.
  • සීමාව ඉක්මවා රත්වීම/ඕවර්හීට් වීම.
  • තත්ත්වයෙන් බාල කූලිං ෆෑන් භාවිතය.
 There are two types of bad sectors – hard and soft.
බෑඩ් සෙක්ටර්ස් වර්ග දෙකක් අපට හදුනා ගැනීමට පුළුවන්.

Hard bad sectors 
 
ඇත්ත වශයෙන්ම මෙම වර්ගයේ බෑඩ් සෙක්ටර්ස් නැවත ප්‍රකෘතිමත් කිරීමට නොහැකි,භෞතික වශයෙන් දෘඩ තැටියට වූ හානි ලෙස අපට හදුන්වන් පුළුවන්. ඔබ පර්ගණකෙය් වැඩ කරන අවස්ථාවකදී/හාඩ් ඩිස්ක් ඒක ඩේටා රයිට් කිරීමක යෙදී ඉන්න අවස්ථාවකදී ගැස්සීමකට මුහුණ දෙනවානම් ඇත්ත වශයෙන්ම එය හාඩ් ඩිස්කයක් තුල බෑඩ් සෙක්ටර් එකක් ඇති කිරීමට හේතු වෙනවා. මෙම හාඩ් බෑඩ් සෙක්ටර්ස් අපිට ප්‍රකෘතිමත් කල නොහැකි අතර ඇතිවීම වළක්වා ගැනීමට පුළුවන්.

Soft bad sectors 

මෙම වර්ගයේ බෑඩ් සෙක්ටර්ස් හමුවන්නේ Error Correction Code (ECC) එකක් ඩිස්ක් එකක් තුල හමු වූ විටයි. මෙවැනි සොෆ්ට් බෑඩ් සෙක්ටර්ස් හමුවන්නේ පරිගණකය ෆෝමැට් කිරීමේදී සිදුවන වැරදීම් නිසා. ඇත්ත වශයෙන්ම මේවා භෞතික නොවන බැවින් ප්‍රකෘතිමත් තත්ත්වයට පත්කිරීමට හැකිය. එසේ කිරිමට හැකිවන්නේ මුල සිටම නැතව ඔපරේටිං සිස්ටම් එක ප්‍රතිස්ථාපනය කල විටයි.

බෑඩ් සෙක්ටර්ස් රිපෙයාර් කිරීමටට වින්ඩෝස් තුලම ටූල් එකක් දීලා තියෙනවා....

To run Check Disk do this:


  • Find the My Computer icon on your desktop and double-click it;
  • Find the disk you want to check, right-click it and go to Properties;
  • In the Properties dialog box go to Tools;
  • Click Check now;
  • A new dialog box will appear, check both options and click Start;
  • Most likely you will get a message that Check Disk wants exclusive access to the disk and wants to start right after your reboot. Click OK;
  • Restart your computer.

අපි කවුරුත් අහල තියෙනවනේ ලෙඩේට බෙහෙත් හොයනවට වඩා ලෙඩේ හැදෙන එක වළක්ව ගන්න එක ඇගට ගුණයි කියලා.බෑඩ් සෙක්ටර් වලටත් ඒ පට්ට ටෝක් එක වළංගුයි. බෑඩ් සෙක්ටර්ස් ඇති වෙන්න කලිං අපි වළක්වාගත්තොත් අපි දිනුම්.....

Preventing bad sectors
You can help prevent bad sectors (always better than trying to repair them!) by paying attention to both the hardware and the software on your computer.
Preventing bad sectors caused by hardware
  • Make sure your computer is kept cool and dust free;‍
  • ඔබගේ පරිගණකය දුහුවිල්ලෙන් තොරව හා සිසිලන පද්ධතිය සක්‍රීයව පවත්වා ගන්න.
  • Make sure you buy good quality hardware from respected brands;
  • සෑම විටම උසස්ම වර්ගයේ අමතර කොටස්‍ සුප්‍රසිද්ධ වෙළදනාමකරුවන් ගෙන් පමණක් ලබා ගන්න.
  • Always move your computer carefully;
  • පරිගණකය එහා මෙහා රැගෙන යාමේදී හැකි සෑම විටම ප්‍රෙව්ශම් වන්න.
  • Keep your data cables as short as possible;
  • ඩේටා කේබල්ස් හැකි පමණ කෙටියෙන් තබා ගන්න.
  •  Always shut down your computer correctly - use an uninterrupted power supply if your house is prone to blackouts.
  • නිවැරදි/සුදුසු ආකාරයෙන්ම පමණක් පරිගණකය ක්‍රියා විරහිත කරන්න. ඔබගේ නිවසේ නිකරම විදුලිය බිද වැටේනම් යූ.පී.එස් (අමතර විදුලි සැපයුමක්) භාවිතා කරන්න.
  •  ජෙනුයින් වයිරස් ගාඩ් භාවිතයට ගන්න.


Sunday, February 19, 2012

IP Camera - Internet Protocol camera - ආරක්ෂක කැමරා


INTERNET PROTOCOL CAMERA ( IP CAMERA ) - අන්තර්ජාල සහසම්බන්ධතාවයකින් යුත් ආරක්ෂිත කැමරා මාර්ගයෙන් ඔබගේ නිවස,ව්‍යාපාරික ස්ථානයට පූර්ණ රැකවරණය.

අද ලිපිය නම් පරිගණක තාක්ෂණය ගැන නෙමේ.....ඉන් ඔබ්බටත් දෙයක් කරන්න හිතුනා............
කවුරුත් දන්න දෙයක් තමා කාර්යබහුල ජිවන රටාවත් එක්ක තමන්තේ දේපළ,වතුපිටි,නිවාස ආරක්ෂාකර ගන්න තමන්ටම හැකි වෙන්නේ නෑ.....මොකද ඒකට වෙලාවක් නැති නිසා.....ඒ කියලා මුර කාරයෙක් දාන්නත් බෑ....අද කාලේ එවුන් තියන ටිකත් අතගාගෙන යන නිසා...අනික මුරට දාන්න හිතාගෙන කෙනෙක් ගෙනාවත් වෙන්නේ ..එයා ඉල්ලන වැටුප ගැන ඇහුවහම ,ඒකත් ඕනේ නෑ කියලා අල්ලලා දාන්න....

මේ වගේ ප්‍රශ්න වලට තමා එදිනෙදා මූණ දෙන්නේ....ඒකට හොද පිළියමක් නම් තියෙනවා.....ඒ තමා තමන්ගේ දේවල් වලට ෂුවර් ආරක්ෂාවක් දාගන්න එක...අද ඉතිං තාක්ෂණේ දියුණුව තමා අපේ පිහිටට ඉන්නේ......නවීන පන්නයේ ආරක්ෂිත කැමරා (Security camera system) එකක් තියෙනවනම් ඒ කරදරෙත් ෂේප්...

What is a IP camera........?
මොකක්ද...........................?

පළවෙනි කේන්ද්‍රිත අයි.පී කැමරාව නිෂ්පාදනය කරල තියෙන්නේ....1996 ඇක්සිස් කමියුනිකේෂන්ස් (Axis Communications) කියන සමාගම...

මෙවන් කැමරාවක් භාවිතා කිරීමට අන්තර්ජාල සම්බන්ධතාව තමා බෙහෙවින්ම බලපාන කරුණ....අන්තර්ජාලය භාවිතා කරන අයනම් දන්නවා අයි.පී ඇඩ්‍රස් එක කියන්නේ මොකක්ද කියලා...ඒක අන්තර්ජාලය තුල තමන්ට හිමි අංකයක්.පර්ගණකයක් වේවා..ප්‍රින්ටර් එකක් වේවා..රවුටඑකක් වේවා..අපි මේ කතා කරන අයි.පී. කැමරාවක් වේවා..ඒ හැම උපකරණයකටම තියෙන්නේ වෙනමම අයි.පී අංකයක්.දැන් දැන් ඇහෙන කතා බහ වලට අනුව මේ කාලෙදි..භාවිතා කරන 32-bit Internet Protocol Version 4 (IPv4) එක මදිවෙයි කියලා...ඒ තරමටම අද ලෝකය අන්තර්ජාලය භාවිතා කරනාවා...ඒක නිසා Internet Assigned Numbers Authority (IANA) කියන ජාත්‍යන්තර ආයතනය නවතම අයි.පී ඇඩ්‍රස් ක්‍රමයක් හදුන්වා දෙන්න යනවා...ඒ තමා 128-bit Internet Protocol Version 6 (IPv6). එතකොට වැඩි අයි.පී අංක ගණනක් ජනනය කිරීමට හැකියාව ලැබෙනවා....


එතකොට මේ අයි.පී කැමරා භාවිතා කරන්නේ කොහොමද......

මේ කැමරාව අදාල කේබල් මාර්ගයෙන් පරිගණකයට සම්බන්ධ කරනවා.කැමරාව අවශ්‍ය ස්ථානයේ සාථානගත කරනවා. (සාමාන්‍යෙයන් මේ කැමරා වල අයි.පී අංකය කම්පැණිඑකෙන්ම කැමරාව පිටුපස මුද්‍රණය කරලා එවනවා)

ඊට පස්සේ වෙබ් බ්‍රවුසර් එකක් මාර්ගයෙන් ඇඩ්‍රස් බාර් එක තුල...මේ කැමරාවේ අයි.පී ඇඩ්‍රස් එක ටයිප් කරලා සර්ච් කරනවා. එතකොට අදාල දර්ශන තලය නිවැරදිව හා ඉතාමත් පැහැදිලිව දැක ගැනීමට පුළුවන්......

අනික මෙම කැමරාව ඇතුලතම මෙමරි ස්ටික් එකක් ඇතුල් කරලා දර්ශන පටිගත කිරීමේ හැකියාවද ඇතුලත් කරල තමා නිපදවලා තියෙන්නේ......ලෝකප්‍රසිද්ධ අයි.පී.කැමරා වර්ගය තමා මොබොටික්ස් (MOBOTIX ip camera solutions)කියන්නේ..මෙයාල කියන විදිහට Closed-circuit television (CCTV) වලටත් වඩා තාක්ෂණයෙන් අනූනයි...
Link
පහත සබැදුමෙහි ඇති වීඩියොව නරඹා පූර්ණ අවබෝධයක් ලබාගන්න...

වීඩියෝව බලන්න...

තවත් එකක් බලාපොරොත්තුවන්න....

Thursday, February 16, 2012

Microsoft Security Essentials - මයික්‍රොසොෆ්ට් සමාගමෙන් නොමිලේ ඇන්ටිවයිරස්


What is Microsoft security Essential...........?

ඇන්ටිවයිරස් මෘදුකාංගයකින් ඇත්තටම සිදු වෙන්නේ වයිරස් වැඩසටහනක් සදහා ප්‍රතිවයිරස් නිර්මාණය බව අපි හැමෝම දන්න කරුණක්. නමුත් ඇන්ටිවයිරස් මෘදුකාංගයක ගුණාත්මක භාවය රදා පිවතින්නේ...නැත්නම් සම්පූර්ණ ආරක්ෂාවක් සැලසෙන්නේ....ඇන්ටි වයිරස් මෘදුකාංගය ඇත්ත/නිර්ව්‍යාජ (Genuine antivirus software)
එකක් නම් පමණයි....ඒකත් බොහොදෙනෙක් දන්න කරුණක්........


අනික තමා මේ ඇන්ටිවයිරස් මෘදුකාංග අන්තර්ජාලයෙන් බාගත කරගන්න අයත් ....තමන්ගේ පරිගණකයට ඉල්ලලා වයිරස් දාගන්නවා....ඒ අනම් මනං වෙබ් පේජස් වලින් ඒවා ඩවුන්ලෝඩ් කරගන්න ගිහින්....ඒ හින්දා ඇන්ටිවයිරස් මෘදුකාංග අන්තර්ජාලයෙන් ඩවුන්ලොඩ් කරගන්න අය එම මෘදුකාංගය අයිති සමාගමෙන්ම (Official website) එකෙන්ම කරගන්නවනම් තමා වඩාත් හොද.........

මේ නිසාම තමා මයික්‍රොසොෆ්ට් සමාගමෙන්
Microsoft security Essential කියල අළුත්ම මෘදුකාංගයක් දෙන්නේ.....හැබැයි මේක ඉන්ස්ටෝල් කරන්න පුළුවන් ඔරිජිනල් වින්ඩොස් මෙහෙයුම් පද්ධතියක් තියෙනවනම් විතරමයි.............Your PC must run genuine Windows to install Microsoft Security Essentials.

මේ මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කරගත්තාට පස්සේ කොළ,කහ,රතු ආකාරයෙන් ඔබගේ පරිගණකයේ ආරක්ෂක තත්ත්වය පිළිබදව පෙන්නනවා.....අනිත් එක ස්වයංක්‍රීයව යාවත්කාලීන වීමක් සිදුවෙනවා...

හරිම සරල ආකාරයට මේ වැඩටික සිදුකරගන්න පුළුවන් වන වදිහිටයි මේක නිර්මාණය කරල තියෙන්නේ.....

මෙතනින් බාගත කර ගන්න..

http://windows.microsoft.com/en-US/windows/security-essentials-download


තාක්ෂණික දෝෂ කමෙන්ට් කරන්න......




Monday, January 9, 2012

step by step :HOW TO INSTALL UBUNTU 9.10 ON YOUR PERSONAL COMPUTER - නිදහස් මෘදුකාංගයක් වන උබුන්ටු 9.10 සංස්කරණය පරිගණකයේ ස්ථාපනය කරමු.

(ලිපිය සිංහල හා ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම පල කර ඇත)

මවිසින් මීට පෙර ලිපියේ සදහන් කරන ලද්දේ වයි-ෆයි තාක්ෂණය පිළිබදවයි.හා හා පුරා කියල අදනේ බ්ලොග් එක පටන් ගත්තේ.ඒ හින්දා පෝස්ට් දාන්න තියෙන්නේ මාරම හදිස්සියක්.ඒ නිසා මම තීරණය කළා අද.........

ඕපන් සෝස් හෙහෙයුම් පද්ධතියක් වන උබුන්ටු 9.10 සංස්කරණය පරිගණකයේ ස්ථාපනය කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්න..........උබුන්ටු කියන්නේ දැන් පාවිච්චි කරන උණු උණු ඔපරේටිං සිස්ටම් එකක්. උබුන්ටු කියන්නේ පරණ කාලේ අප්‍රිකානු වචනයක්. ****අන්‍යෝන්‍ය මනුෂ්‍යත්වය****වගේ තේරුමක් තමයි මේකෙ තියෙන්නේ.කොහොම උනත් විස්ඩෝස් වලට සැලකිය යුතු බලපෑමක් එල්ල කරන්න උබුන්ටු වලට පුළුවන් වුනා.පහළ තියෙන ලින්ක් එකෙන් විස්තර බලා ගන්නකෝ. http://www.ubuntu.com/project/about-ubuntu

මේක ස්ථාපනය කරන්න කළින් කරන් ඕන වැඩ කිඩ ටිකක් තියෙනවා.....

01. උබුන්ටු 9.10 ඕල්ටර්නේට් සීඩී එකක් හෝ ඩවුන්ලෝඩ් කර ගත්ත උබුන්ටු ඉමේජ් ෆයිල් එකක් රයිට් කර ගත් ත සීඩී එකක්.

02. 256 MB RAM එකක්වත් අඩුම තරමින් තියෙන්න ඕනේ.

03. හාඩ්ඩිස්ක් එ‍කේ 4 GB Free space වත් තියෙන්න ඕනේ.


ඔය ටික හරියට තියේනම්,බහිමු වැඩේට. OK then Lets start the installation…

1 වන පියවර - First step

පළමු පියවර වශයෙන් ඔබ ඔබගේ පරිගණකයෙහි BIOS settings මේ විදිහට හදා ගන්න. BIOS ගැන කියන්න වෙලාවක් නෑ.මොකද එක එක පරිගණක වල එක එක BIOS version තියෙන නිසා.

*පරිගණකය පණ ගන්වන ගමන් ඔබගේ BIOS settings වලට ඇතුළු වෙන්න. ඒකත් එක එක BIOS version අනුව වෙනස් වෙනවා.සාමාන්‍යෙයන් DEL or F1 or F2 Key එකක් ප්‍රෙස් කරලා තමා BIOS settings වලට ඇතුල් වෙන්නේ. පරිගණකය Boot වෙනකොට Press කරන්න ඕන key එක පෙන්නනවා.ඒ නිසා උනන්දුවෙන් බලාගෙන ඉන්න.

*BIOS settings වලට ඇතුලත් වුනාට පස්සේ First Boot Device එක ලෙස CD ROM select කරල Enter key press තරන්න.

*පස්සේ F10 press කර අදාල settings ටික save කර ගන්න.

As the first step we need to set-up your BIOS settings. This is a bit hard to explain but easy to do. Its hard to explain because different people have different versions of BIOS in their systems. So I’ll explain it briefly :
  • Login to your BIOS. To do this you have to press DEL or F1 or F2, this may differ according to your own version. When booting up it will show you what key to press, so keep your eyes open!
  • Once you login, go to the section which will allow you to change the boot settings, and set CD-ROM or Removable Media as the first boot device.
  • After that press F10 to save and exit.
2 වන පියවර - Second step

උබුන්ටු සීඩී එක රොම් එකට ඇතුළත් කරන්න. පරිගණකය reboot කරන්න. පසුව පහත දක්වා ඇති ආකාරයෙන් ඔයාලට මේ විස්තරේ දැක ගන්න පුළුවන් වේවි.පහළින් දක්වා ඇති Link එක click කරලා පෙනෙන ආකාරය බලාගන්න.

* select your language
* Install ubuntu

අවැසි භාෂාව තෝරාගෙන අනිත් පිටේ ඇති Install Ubuntu යන්න තෝරා දෙන්න.

Next put your Ubuntu CD into the system and boot it. Then you’ll see a screen as follows
  • First select your language.
  • And in the next screen, select “Install Ubuntu”

3 වන පියවර - Third step

කලින් ස්ටෙප් එක අවුලක් නැතුව පන්න ගත්තහම මේ තිරය ඔබට පෙනේවි.මේකට කියන්නේ පිළිගැනීමේ තිරය (Welcome Screen) කියලා.මේකෙත් තියෙනවා හැබැයි භාෂාව තෝරා ගන්න.මොකද මොන දේ කරන්නත් පුළුවන් භාෂාවක් ඕන නිසා වෙන්න ඇති තැන් තුන හතරකදිම මෙහෙම කේස් එකක් දාලා තියෙන්නේ.භාෂාව ඕන විදිහට තොරල,ඉදිරියට (Forward) කියන එක click කරන්න.
පහළ තියෙන ලින්ක් එක Click කරල බලන්න Welcome Screen එක මේ වගේද කියලා........

Now you’ll see the welcome screen. Select the language you want to use for the installation process and click “Forward”


4 වන පියවර - Fourth step

ඊළගට තියෙන්නේ ඔයාලගේ වේලා කලාපය (Time Zone) හරිගස්සන්න.මේක 100% ක්මනම් වැදගත් නෑ.ඒ වුනාට මොකක් හරි කරනකොට හරියට කරන්න ඕන නිසා ඒකත් සෙට් කරල දාන්නකෝ.ඉදිරියට (Forward) කියන එක click කරන්න.

පහළ තියෙන ලින්ක් එක Click කරොත් බලා ගන්න පුළුවන් මේ වගේ Window එකක් ද කියලා.

* Where are you...?

Next you have to select your time zone. Select your region from the left drop down list and select your zone from the right drop down list. Or you can simply select your country from the map.

5 වන පියවර - Fifth step

දැන් තියෙන්නේ ඔබගේ යතුරු පුවරු සැලැස්ම නැත්නම් (Keyboard Layout) සකස් කරන්න.
සමහර වෙලාවට මේක ස්වයංක්‍රීයව සකස් කරල තියෙන්නේ.එහෙම නෑ කියල බය වෙන්න ඕන නෑ.USA කියල සකස් කරගන්න.වෙන එකක් එහෙම දා ගන්න එපා,මොකද එහෙම උනොත් අපිට හුරු විදිහට වැඩ ටික කර ගන්න බෑ.ඒකයි.

* Select your Keyboard Layout

ඉදිරියට (Forward) කියන එක click කරන්න.

After that you have to select your keyboard layout. For most of us its suggested by Ubuntu, but if thats not your layout…. you can select it from the list.


6 වන පියවර - Sixth step

කලින් ටික ලේසියෙන් කර ගත්තට මේ පියවර වැරදුනොත් වැඩේ ටිකක් අමාරු වේවි.මොකද දැන් තමා පාටිෂනිං වැඩ ටික තියෙන්නේ.අපෙ අයටනම් අත්දැකීම් ඇති පාටිෂන් කරන්න ගිහින් ඇණගත්ත ඒවත්.......

මේක බොහොම ප්‍රෙව්සමෙන් කරන්න ඕන වැඩක්,මොකද උබුන්ටු මෙහෙයුම් පද්ධතිය අපේ පරණ මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරල තියෙන පාටිෂන් එකට වැටුනොත් උබුන්ටු වලම තමා වැඩ කරන්න වෙන්නේ.ඒ හින්දා....ඩුවල් බූට් ක්‍රමයට වැඩේ කර ගන්න.උබුන්ටු ගැන විතරක් සෑහීමකට පත් වෙනවානම් වෙන වෙලාවක පරණ මෙහෙයුම් පද්ධතිය ඉවත් කර ගන්න.

මේ ලින්ක් එක අනිවාර්යෙන්ම Click කරලා බලාගන්න.

* Prepare Disk space

ඉහත ලින්ක් එකේ දක්වලා තියෙන්නේ මෙතෙක් මෙහෙයුම් පද්ධතියක් භාවිත නොකරපු පරිගණකයකට අළුතෙන්ම උබුන්ටු මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමක්.ඒ හින්දා හාඩ් ඩිස්ක් එකේ පාටිෂන් දෙක තුනක් හදාගන්න හැටිත් පෙන්නලා තියෙන්නේ.ඔය ගොල්ලන්ගේ පරිගණක වල කලින් හදපු පාටිෂන්ස් තියෙන නිසා කැමති පාටිෂන් එක තෝරලා දෙන්න.දෙපාරක් විතර හොදට බලන්න හිතාගෙන හිටපු පාටිෂන් එකද තේරුවේ කියලා.......

ඉදිරියට (Forward) කියන එක click කරන්න.

Next thing is the most important task so follow the instructions carefully! In the next page it will ask you what to do with the partitions

  • In here I have no partitions previously defined, so if thats the case you can continue with the layout that is suggested by ubuntu. But you also can do it manually. For people who already have other operating systems or other partitions, Im recommending to do it manually!
  • So in here I have selected “Specify Partitions Manually”. After that click “Forward”


7 වන පියවර - Seventh step

ඔබගේ පරිගණකයේ ඇති දෘඪතැටියේ කිසිදු පාටි‍ෂන් එකක් නැතිනම්....එය අළුත්ම ගණයට වැටේ.එහෙම අළුත්ම පාටිෂන් එකක් ඇති අය විතරක් මේ ලින්ක් එක Click කරලා අළුතින් පාටි‍ෂන් එකක් ඇඩ් කර ගන්නා ආකාරය බලාගන්න.

* Add Partition
* New Partition

අළුත් පාටිෂන් එකක් සැකසීමෙන් පසු හෝ තිබෙන පාටිෂන් එකක් තේරීමෙන් පසු ඒ සදහාම විශේෂයෙන් එම පාටිෂන් එක ෆොර්මැට් කල යුතුමයි.අ‍ළුතින් සකස් කරන පාටිෂන් එකට අවශ්‍ය ඉඩ ප්‍රමාණ ඔබ විසින් සපයා දිය යුතුයි.මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරනු ලබන කොටසට පරිගණකයේ ඇති දෘඩතැටි පරිමාවෙන් 30% ක් වත් වෙන් කළ යුතු වෙනවා.

ඉන් පසු Mount Point එක සකස් කළ යුතුයි.

අළුත්ම දෘඩතැටියක් නම්............

  • Primary Partition එකක් සකස් කරන්න. (දෘඩතැටියෙන් 30%)
  • Partition format එක "Ext4" ලෙස සකස් කරන්න.
  • Mount point එක "/" ලෙස සකසන්න.
  • එක් Logical Partition එකක් සකසන්න.
  • එම ලොජිකල් පාටිෂන් එක ඔබගේ පරිගණකයේ රැම් (RAM) මතකය මෙන් දෙගුණයක් විය යුතුයි.
  • එහි පාටිෂන් ෆොර්මැට් එක swap ලෙස සකසන්න.
  • ඉතිරි ඉඩෙහි තවත් ලොජිකල් පාටිෂන් එකක් සකස් කරන්න.
  • Partition format එක "Ext4" ලෙස ද Mount point "/home" ලෙස සකස් කරන්න.

වෙනත් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කර ඇති දෘඩතැටියක් නම්..........

  • උබුන්ටු ස්ථාපනය සදහා අවැසි ඉඩ ප්‍රමාණයක් සකස් කර ගන්න.
  • Change button එක click කර ඉඩ කඩ සකසා ගන්න.
  • ඉන්පසු ලොජිකල් පාටිෂන් එකක් සකස් කරන්න. (දෘඩතැටියෙන් 30%)
  • එහි Partition format එක "Ext4" ලෙස සකස් කරන්න.
  • Mount point එක "/" ලෙස සකසන්න.
  • එක් Logical Partition එකක් සකසන්න.
  • එම ලොජිකල් පාටිෂන් එක ඔබගේ පරිගණකයේ රැම් මතකය මෙන් දෙගුණයක් විය යුතුයි.
  • එහි පාටිෂන් ෆොර්මැට් එක swap ලෙස සකසන්න.
  • Partition format එක "Ext4" ලෙස ද Mount point "/home" ලෙස සකස් කරන්න.
අසීරුම අවස්ථාව අවසන්...........

If you don’t have any partitions, If your hard disk is new :
  • Create one primary partition with about : 30% of the free space, Partition format Ext4, Mount point “/”. (if you want you can make a primary partition with the mount point “/boot” (with about 1 GB) first, if you do that do not make the root partition (partition with the mount point “/”) primary, make it logical.)
  • Create one logical partition with about 5 GB space (this partition should be double the amount of your memory. If you have 1 GB of memory, make this partition 2 GB. But its not compulsory to do like that) , Partition format Swap.
  • Create one logical partition with the rest of the free space, Partition format Ext4, Mount point “/home”.

If you have an operating system installed :
  • First make some free space (if you don’t have any). Select an existing partition and click on “Change” and then reduce the size of that partition.
  • After that create one logical partition with about : 30% of the free space, Partition format Ext4, Mount point “/”.
  • Create one logical partition with about 5 GB space (this partition should be double the amount of your memory. If you have 1 GB of memory, make this partition 2 GB. But its not compulsory to do like that) , Partition format Swap.
  • Create one logical partition with the rest of the free space, Partition format Ext4, Mount point “/home”.

8 වන පියවර - Eighth step

දෘඩතැටිය වෙන් කර ගැනිමෙන් පසු ඉදිරියට යන්න. ඉදිරියට (Forward) කියන එක click කරන්න.

* Finish Partitioning

After you finish setting up the partitions click “Forward”

9 වන පියවර - Ninth step

මෙම පියවරේදි ඔබගේ අළුත් මෙහෙයුම් පද්ධතියට තොරතුරු ඇතුලත් කළ යුතුයි.

* set up your details

ඔබට අවශ්‍ය ලෙස සකසා ගන්න. පාස්වර්ඩ් එක සිහි තබා ගන්න.

  • Log in automatically යන්න තේරීමෙන් පාස්වර්ඩ් එක ලබා නොදී පරිගණකයට ඇතුළු විය හැකිය.
  • Require my password to log in යන්න තේරීමෙන් පරිගණකයට ඇතුළු වීම සදහා මුර පදය ලබා දිය යුතු වේ.
ඉහත තෙරතුරු ඔබට අවැසි පරිදි සකස් කිරීමෙන් පසු ඉදිරියට (Forward) කියන එක click කරන්න.

10 වන පියවර - Tenth step

දැන් දිස් වන්නේ ඔබ ඇතුළත් කර ඇති හා සකස් කර ඇති සැකසුම් ආශ්‍රෙයන් නව මෙහෙයුම් පද්ධතිය පරිගණකයේ ස්ථාපනය වීම සදහා සූදානම් යන පණිවිඩයයි.

* Ready to Install

ඔබගේ සැකසුම් වල නිරවද්‍ය තාව තහවුරු කිරීමෙන් පසු ඉහත රූපයේ දක්වා ඇති ආකාරයට Install button එක click කරන්න.
එවිට උබුන්ටු 9.10 සංස්කරණය ස්ථාපනය වීම ආරම්භ වේ.

එවිට පහත ලින්ක් එකේ දක්වා ඇති ආකාරයේ වින්ඩෝ එකක් ඔබ හට දැක ගත හැකිය.

* Installing System


11 වන පියවර - Eleventh step

Installing process එක අතරතුරදි Installing Language packs ලෙස කොටසක් දිස්වනු ඇත.එය අන්තර්ජාලය මගින් බාගත කර ගනු ලබන ගොණුවකි.එහෙයින් එය අනවශ්‍ය යැයි හැගී ගිය හොත් skip බොත්තම ඔබා එම පියවර නොසලකා හැරිය හැක.

* Installing Language packs

අවසන් පියවර - Final step

මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමෙන් අනතුරුව පරිගණකය නැවත පණගන්වන්න ....යන වැකිය දිස්වේ.ඉන් පසු Restart Now යන බොත්තම click කරන්න.අවසාන වශයෙන් පරිගණකයේ තැටි ධාවකයේ ඇති උබුන්ටු සීඩී එක ස්වයංක්‍රීයව පරිගණකය විසින් ඉවත් කරනු ලබයි.එවිට එම සීඩී තැටිය ඉවතට ගෙන යතුරු පුවරුවෙහි Enter Button එක Press කරන්න.

* Remove the disk and press enter

සියල්ල නිවැරදි ලෙස මනා අවබෝධයකින් යුතුව ඔබ සකස් කර ඇත්නම්,පරිගණකය නැවත ආරම්භ වූ පසු ඔබට ඔබගේ ගිණුම වෙත් ඇතුල් විය හැකිය.

If you did everything correctly, after the restart you will be able to login to your Ubuntu system!

තවත් ලිපියක් ඉදිරියේදී.........

HOW TO USE WI-FI ........? වයි-ෆයි තාක්ෂණය



වයි ෆයි (wi-fi) තාක්ෂණය යනු  
    අන්තර්ජාල පිරික්සීමට හා කාර්යාලීය පොදු උපකරණ සම්බන්ධ කිරිමට ගන්නා වු ක්‍රම වේදයකි.වර්තමානයේ ජංගම දුරකතන,පරිගණක යන්ත්‍ර,හා ප්‍රින්ටර් වැනි .....උපකරණ සදහා වයි ෆයි භාවිතා කරනු ලැබේ.
භාවිතා කල හැකි අවස්ථා.....

තනි පුද්ගලයෙකුට වයිෆයි (wi-fi) තාක්ෂණය සපයා ගැනිම මදක් අසීරු කාර්යක් වුවද,සුපිරි පන්තියේ අවන්හල්,සමාගම්, ඇතැම් අවස්ථාවල අධ්‍යාපන ආයතන වැනි අවකාශයන් තුළ වයිෆයි (wi-fi) කලාප(Area) පිහිටුවා තිබේ.මේ සදහා අත්‍යවශ්‍යෙයන්ම තිබිය යුතු සාධකය වන්නේ, වයි ෆයි රවුටරයක් හා දුරකථන සම්බන්ධතාවකි.

භාවිතා කරන අයුරු........

ඔබ සතු වයිෆයි උපකරණය සමග පළමුවෙන්ම වයිෆයි (wi-fi) කලාපයකට ඇතුළු විය යුතුය.වයිෆයි තාක්ෂණය එක්තරා ආකාරයකින් වා‍ණිජමය ව්‍යාපාරයක් ලෙස භාවිත කරන්නකි. එබැවින්,ඔබ අනිවාර්යයෙන්ම ඔවුන්ගේ පාරිභෝගික භවතෙකු විය යුතුමය.ඉන්පසු ඔබගේ අවශ්‍යතාවය පවසා ඔවුන්ගෙන් වයිෆයි රවුටර් යන්ත්‍රෙය් පැන්නුම් පදය නැතහොත් පාස්වර්ඩ් එක ලබා ගත යුතුය.ඉන් පසු ඔබ සතු උපකරණයේ වයිෆයි (wi-fi) මෘදුකාංගය සක්‍රීය කොට සර්ච් යන්න ලබාදී අදාළ වයිෆයි රවුටර් එක එමගින් සොයා ගත යුතුය.ඉන් පසු අදාළ පාස්වර්ඩ් එක ඇතුළත් කර සම්බන්ධතාවය ලබා ගත හැකිය.

වයිෆයි හොරන් පාවිච්චි කරන්න පුළුවන්ද........?

මෙසේ සිතන අයත් අප අතරේ සිටි.නමුත් වයි ෆයි(wi-fi) වැනි දියුණු තාක්ෂණයක් හොර රහසේ භාවිතා කරමින් අන්තර්ජාල කටයුතු කර ගැනීමට බැරිය. මන්ද යත්,දිනෙන් දින අළුත් වන ලෝකය මෙන් වයිෆයි රවුටයේ මුර පදයද ඔවුන් විසින් යාවත්කාලීන කරයි.එබැවින් එක් දිනක් මුදල් ගෙවා (පාරිභෝගිකයෙකු වී) ලබාගත් මුරපදයක් භාවිතා කරමින් වෙනත් දිනෙක අන්තර්ජාල කටයුතු සිදු කිරීමට නොහැකිය.එසේ කිරීමට ගොස් නැතිවන්නේ ඔබගේ ආත්ම ගරුත්වයයි.