ඔන්න අද කියන්න යන්නේ...පොඩි වැඩ කෑල්ලක්. මේක ලියන් හිතුනෙ ෆේස්බුක් එකේ යාළුවෙක් අහපු ප්රශ්නෙයකට පිළිතුරක් වශයෙන්. එහෙනම් වැඩි බයිලා නැතිව වැඩේ පටන් ගමු. කෝ කෝ.. එන්න ඉතිං කිවුවහම. හරි. ස්ස්ස්ස්ස්......දැන් සද්ද නැතුව බලන්න.
හරි අපි පළමුවෙන් මේ සඳහා shortcut එකක් create කරගන්න ඕනෙ. පහත පිංතූරයේ විදිහට desktop එකේ Right ක්ලික් කරලා New > Shortcut කියන එක ක්ලික් කරන්න. මෙන්න මේ විදිහට...
ඔය විදිහට කරගත්තහම මෙන්න මේ පිංතූරෙ විදිහට එකක් ඕපන් වෙයි.
හරි. දැන් ඒකේ තියෙන Type the location of the item : කියන එකේ මෙන්න මේ පහත තියෙන එක කොපි/පේස්ට් කරගන්න.
______________________
Shutdown.exe -s -t 00
______________________
ඊටපස්සෙ අහනනේ අපි හදාගත්ත shortcut එකට නමක් දාන එක. ඒකට කැමති නමක්
දාන්න පුලුවන්. අපි ඒකට දාගමු shutdown කියලම. ඒක කෝකටත් හොඳයිනේ.මෙන්න මේ පිංතූරෙ විදිහට ඒක නේම්
කරගන්න.
හරි. දැන් Finish කරන්න විතරයි තියෙන්නෙ. එතකොට අපි හදාගත්ත Shutdown Shortcut එක හැදිලා ඉවරයි. අපි ඒකට තව පොඩ් වෙනස්කම් කිහිපයක් කරමු. මොකද එකපාරම කෙනෙක් නොදැනුවත්ව එබුවොත් එහෙම පීසී එක ඕෆ් වෙන නිසා... අපි ඒකට Warning ! mark එකක් දාගමු. ඒක කරන්නෙ මෙහෙමයි. දැන් ඔයාලා යන්න ඔයාලගේ ඩෙස්ක්ටොප් එකට. එකේ ඇති අපි shutdown කියන නමෙන් හදාගත්ත shortcut එක. ඒක උඩ එයිට් ක්ලික් කරලා Properties යන්න. මේ පහත පිංතූරෙ විදිහට.
හරි. properties ගිහාම මතුවෙයි මෙන්න මේවිදිහේ එකක්.
එකේ නිතැතින්ම තේරිලා තියෙන්නේ Shortcut කියල ටැබ් එක. එහෙම නොතිබුනොත් බය වෙන්න එපා. ඒ ටැබ් එක ඔබලා ඒකේ යටින් තියෙනවා Change Icon කියලා. අන්න ඒක ක්ලික් කරන්න. එතකොට එයි මෙන්න මේ විදිහෙ එකක්.
ඔය උඩ පිංතූරෙ පෙන්නලා තියෙන විදිහට වර්නිං මාර්ක් එක සිලෙක්ට් කරලා... OK කරන්න.ඊළඟට එන එක Apply
කරලා OK කරන්න. වැඩේ හරි. අපි දැන් ඕක දාගමු start menu එකට.
හරිම ලේසියි අනේ.... දැන් ආයෙත් යන්න ඩෙස්ක්ටොප් එකට. අපි හදාගත්ත shortcut එක උඩ රයිට් ක්ලික් කරන්න.
දිගහැරෙන Drop Down Menu එකෙන් තොරන්න.. Pin to Start Menu කියන එක.
එතකොට පහත පිංතූරෙ විදිහට ෂෝර්ට් කට් එක ස්ටාර්ට් මෙනු එකට පින් වෙලා තියෙයි....
දැන් තියෙන්නෙ කරපු වැඩේ සාර්ථකද කියලා බලන්න. ඒකට මොකද කරන්න ඕනෙ. අපි හදපු ෂොර්ට්කට් එක ක්ලික් කරලා බලන්න. Lol !
එහෙනම් මම ගියා.
නැවත ලිපියකින් හමුවෙමු.
ලිපිය කියෙවුවනම් ඊළඟට කරන්න ඕනෙ දේ කියන්න ඕනෙ නෑනෙ...
තෙරුවන් සරණයි !
















