ඇසිල්ලකින් ඔබේ දෝතට

රැදී සිටින්න අප සමගම..

ජයග්‍රාහී ලීලාවෙන්

එන්න අප හා එක්වන්න...

දැනුමින් පෙරටම

නිහැඩියාවෙන් අනන්තය දෙස බලා.....

Thursday, February 28, 2013

Let's create a Shutdown Shortcut In Windows 7 - වින්ඩෝස් සෙවන් පරිගණකයක් ඉක්මණින් shutdown කරගමු.

ඔන්න අද කියන්න යන්නේ...පොඩි වැඩ කෑල්ලක්. මේක ලියන් හිතුනෙ ෆේස්බුක් එකේ යාළුවෙක් අහපු ප්‍රශ්නෙයකට පිළිතුරක් වශයෙන්. එහෙනම් වැඩි බයිලා නැතිව වැඩේ පටන් ගමු. කෝ කෝ.. එන්න ඉතිං කිවුවහම. හරි. ස්ස්ස්ස්ස්......දැන් සද්ද නැතුව බලන්න.

හරි අපි පළමුවෙන් මේ සඳහා shortcut එකක් create කරගන්න ඕනෙ. පහත පිංතූරයේ විදිහට desktop එකේ Right ක්ලික් කරලා New > Shortcut කියන එක ක්ලික් කරන්න. මෙන්න මේ විදිහට...






ඔය විදිහට කරගත්තහම මෙන්න මේ පිංතූරෙ විදිහට එකක් ඕපන් වෙයි.

හරි. දැන් ඒකේ තියෙන Type the location of the item : කියන එකේ මෙන්න මේ පහත තියෙන එක කොපි/පේස්ට් කරගන්න.
______________________
Shutdown.exe -s -t 00
______________________
 
ඊටපස්සෙ අහනනේ අපි හදාගත්ත shortcut එකට නමක් දාන එක. ඒකට කැමති නමක් 
දාන්න පුලුවන්. අපි ඒකට දාගමු shutdown කියලම. ඒක කෝකටත් හොඳයිනේ.මෙන්න මේ පිංතූරෙ විදිහට ඒක නේම්
කරගන්න.
 
හරි. දැන් Finish කරන්න විතරයි තියෙන්නෙ. එතකොට අපි හදාගත්ත Shutdown Shortcut එක හැදිලා ඉවරයි. අපි ඒකට තව පොඩ් වෙනස්කම් කිහිපයක් කරමු. මොකද එකපාරම කෙනෙක් නොදැනුවත්ව එබුවොත් එහෙම පීසී එක ඕෆ් වෙන නිසා... අපි ඒකට Warning ! mark එකක් දාගමු. ඒක කරන්නෙ මෙහෙමයි. දැන් ඔයාලා යන්න ඔයාලගේ ඩෙස්ක්ටොප් එකට. එකේ ඇති අපි shutdown කියන නමෙන් හදාගත්ත shortcut එක. ඒක උඩ එයිට් ක්ලික් කරලා Properties යන්න. මේ පහත පිංතූරෙ විදිහට.

හරි. properties ගිහාම මතුවෙයි මෙන්න මේවිදිහේ එකක්. 


එකේ නිතැතින්ම තේරිලා තියෙන්නේ Shortcut කියල ටැබ් එක. එහෙම නොතිබුනොත් බය වෙන්න එපා. ඒ ටැබ් එක ඔබලා ඒකේ යටින් තියෙනවා Change Icon කියලා. අන්න ඒක ක්ලික් කරන්න. එතකොට එයි මෙන්න මේ විදිහෙ එකක්.


 ඔය උඩ පිංතූරෙ පෙන්නලා තියෙන විදිහට වර්නිං මාර්ක් එක සිලෙක්ට් කරලා... OK කරන්න.ඊළඟට එන එක Apply
කරලා OK කරන්න. වැඩේ හරි. අපි දැන් ඕක දාගමු start menu එකට.

හරිම ලේසියි අනේ.... දැන් ආයෙත් යන්න ඩෙස්ක්ටොප් එකට. අපි හදාගත්ත shortcut එක උඩ රයිට් ක්ලික් කරන්න.
දිගහැරෙන Drop Down Menu එකෙන් තොරන්න.. Pin to Start Menu කියන එක. 
 
 
 
එතකොට පහත පිංතූරෙ විදිහට ෂෝර්ට් කට් එක ස්ටාර්ට් මෙනු එකට පින් වෙලා තියෙයි....





දැන් තියෙන්නෙ කරපු වැසාර්ථකද කියලා බලන්න. ඒකට ොකද කරන්න නෙ. අපි හදපු ොර්ට්කට් එක ක්ලික් කරලා බලන්න. Lol !

එහෙනම් මම ගියා.
නැවත ලිපියකින් හමුවෙමු.
ලිපිය කියෙවුවනම් ඊළඟට කරන්න ඕනෙ දේ කියන්න ඕනෙ නෑනෙ...
තෙරුවන් සරණයි !

Saturday, February 16, 2013

How to save Copy Protected Images in a web site - කොපි ප්‍රොටෙක්ටඩ් පිංතූර ලේසියෙන්ම සේව් කරගමු.


මාස දෙකක විතර දිගු නිහැඬියාවකින් පස්සෙ අදයි පොස්ට් එකක් ලියන්නෙ.

අද මම ලියන්න අදහස් කලේ කොපි ප්‍රොටෙක්ටඩ් (copy protected) පිංතූර කොහොමද ලේසියෙන්ම කොපි කරගන්නෙ කියලා. ඒකිවුවෙ, සමහර වෙබ්සයිට් තියෙනවා , ඒවගෙ පල කරලා තියෙන පිංතූර සේව් කරගැනීමේ පහසුකම අහුරපුවා. අන්න ඒවට තමා කියන්නෙ copy protected කියලා. 

අපි සාමාන්‍යෙයන් පිංතූරයක් සේව් කරගන්න අවැසි වුනාම කරන්නෙ.. පිංතූරෙ උඩ Mouse right Button එක click කරලා save image as කියල option එක හරහා කියලා කවුරුත් දන්නවනේ. ඉතිං ඒ වගේ සේව් කර ගන්න බැරි පිංතූරත් තියෙනවා.. 

දැන්න අන්න එහෙම ඉමේජ් එකක් සේව් කරගමු.

1. දැන් යන්න copy protected images තියෙන සයිට් එකකට. උදා : CNN :p

2. ගිහිල්ලා බලන්න අදාල පිංතූරය උඩ Mouse Right Button එක click කරාම save image as කියන option එක පෙන්වනවද කියලා. බැරිවෙලාවත් එහෙම පෙන්නුවොත් කෙලින්ම ඒ හරහා අපිට අපි කරන වැඩේ කරගන්න පුළුවන්.

3. එහෙම නොවුනොත් web browser එකේ Tools මෙනු එක click කරන්න. ඒකරලා drop down menu එකෙන් "Page info" කියන එක click කරන්න. එතකොට ඔයාලට මෙන්න මෙහෙම dialog box එකක් open වෙයි.


ඔය පිංතූරයක් දාලා තියෙන්නෙ. අන්න ඒ විදිහට එකක් open වෙයි. (හැබැයි මම මේ කියන්නෙ Mozilla Firefox වෙබ් බ්‍රවුසර් එක යූස් කරන අයට.) සාමාන්‍යෙන් ඕක Open වෙනකොට General කියල ටැබ් එක තමා open වෙන්නෙ. ඔයාලා ,එයිට එහාපැත්තෙන් තියෙන Media කියන ටැබ් එකට යන්න. එතකොට පහත පිංතූරයේ දක්වා තියෙන විදිහට පේන්න ඕනෙ.

එහි ඇති Address යන්නෙන් අදහස් වන්නේ එම වෙබ් පිටුවෙහි ඇති Media එහෙම නැත්තම් පිංතූර වලට අදාල Bddress එක. මම ඔය පිංතුරෙ පෙන්වලා තියෙන විදිහට නිල්පාටින් හයිලයිට් වෙලා තියෙන ඇඩ්‍රස් එකට අදාල පිංතූරය තමා ඔය Media Preview කියන එක යටතේ...පෙන්වලා තියෙන්නෙ. 


ඉතිං ඉතුරු ටික නම් අපෙ කොල්ලොන්ට කියන්න දෙයක් නෑ. ඒත් මම කියන්නම්. දැන් ඉතිං වැඩේ කරලා ඉවරයි කියලා හිතාගන්න. දැන් කරන්න තියෙන්නෙ කහපාටින් හයිලයිට් කරලා තියෙන Save as කියන එකට කොටලා අදාල රූපය සේව් කර ගන්න එකයි.





එහෙනම් මම ගියා.

වැදගත් කියලා හිතුනනම් Like & Comment එකක් දාලා ගියාට මම තරහ නැතෝ.

නැවතත් ලිපියකින් හමුවෙමු.

තෙරුවන් සරණයි.!