ඇසිල්ලකින් ඔබේ දෝතට

රැදී සිටින්න අප සමගම..

ජයග්‍රාහී ලීලාවෙන්

එන්න අප හා එක්වන්න...

දැනුමින් පෙරටම

නිහැඩියාවෙන් අනන්තය දෙස බලා.....

Thursday, February 28, 2013

Let's create a Shutdown Shortcut In Windows 7 - වින්ඩෝස් සෙවන් පරිගණකයක් ඉක්මණින් shutdown කරගමු.

ඔන්න අද කියන්න යන්නේ...පොඩි වැඩ කෑල්ලක්. මේක ලියන් හිතුනෙ ෆේස්බුක් එකේ යාළුවෙක් අහපු ප්‍රශ්නෙයකට පිළිතුරක් වශයෙන්. එහෙනම් වැඩි බයිලා නැතිව වැඩේ පටන් ගමු. කෝ කෝ.. එන්න ඉතිං කිවුවහම. හරි. ස්ස්ස්ස්ස්......දැන් සද්ද නැතුව බලන්න.

හරි අපි පළමුවෙන් මේ සඳහා shortcut එකක් create කරගන්න ඕනෙ. පහත පිංතූරයේ විදිහට desktop එකේ Right ක්ලික් කරලා New > Shortcut කියන එක ක්ලික් කරන්න. මෙන්න මේ විදිහට...






ඔය විදිහට කරගත්තහම මෙන්න මේ පිංතූරෙ විදිහට එකක් ඕපන් වෙයි.

හරි. දැන් ඒකේ තියෙන Type the location of the item : කියන එකේ මෙන්න මේ පහත තියෙන එක කොපි/පේස්ට් කරගන්න.
______________________
Shutdown.exe -s -t 00
______________________
 
ඊටපස්සෙ අහනනේ අපි හදාගත්ත shortcut එකට නමක් දාන එක. ඒකට කැමති නමක් 
දාන්න පුලුවන්. අපි ඒකට දාගමු shutdown කියලම. ඒක කෝකටත් හොඳයිනේ.මෙන්න මේ පිංතූරෙ විදිහට ඒක නේම්
කරගන්න.
 
හරි. දැන් Finish කරන්න විතරයි තියෙන්නෙ. එතකොට අපි හදාගත්ත Shutdown Shortcut එක හැදිලා ඉවරයි. අපි ඒකට තව පොඩ් වෙනස්කම් කිහිපයක් කරමු. මොකද එකපාරම කෙනෙක් නොදැනුවත්ව එබුවොත් එහෙම පීසී එක ඕෆ් වෙන නිසා... අපි ඒකට Warning ! mark එකක් දාගමු. ඒක කරන්නෙ මෙහෙමයි. දැන් ඔයාලා යන්න ඔයාලගේ ඩෙස්ක්ටොප් එකට. එකේ ඇති අපි shutdown කියන නමෙන් හදාගත්ත shortcut එක. ඒක උඩ එයිට් ක්ලික් කරලා Properties යන්න. මේ පහත පිංතූරෙ විදිහට.

හරි. properties ගිහාම මතුවෙයි මෙන්න මේවිදිහේ එකක්. 


එකේ නිතැතින්ම තේරිලා තියෙන්නේ Shortcut කියල ටැබ් එක. එහෙම නොතිබුනොත් බය වෙන්න එපා. ඒ ටැබ් එක ඔබලා ඒකේ යටින් තියෙනවා Change Icon කියලා. අන්න ඒක ක්ලික් කරන්න. එතකොට එයි මෙන්න මේ විදිහෙ එකක්.


 ඔය උඩ පිංතූරෙ පෙන්නලා තියෙන විදිහට වර්නිං මාර්ක් එක සිලෙක්ට් කරලා... OK කරන්න.ඊළඟට එන එක Apply
කරලා OK කරන්න. වැඩේ හරි. අපි දැන් ඕක දාගමු start menu එකට.

හරිම ලේසියි අනේ.... දැන් ආයෙත් යන්න ඩෙස්ක්ටොප් එකට. අපි හදාගත්ත shortcut එක උඩ රයිට් ක්ලික් කරන්න.
දිගහැරෙන Drop Down Menu එකෙන් තොරන්න.. Pin to Start Menu කියන එක. 
 
 
 
එතකොට පහත පිංතූරෙ විදිහට ෂෝර්ට් කට් එක ස්ටාර්ට් මෙනු එකට පින් වෙලා තියෙයි....





දැන් තියෙන්නෙ කරපු වැඩේ සාර්ථකද කියලා බලන්න. ඒකට මොකද කරන්න ඕනෙ. අපි හදපු ෂොර්ට්කට් එක ක්ලික් කරලා බලන්න. Lol !

එහෙනම් මම ගියා.
නැවත ලිපියකින් හමුවෙමු.
ලිපිය කියෙවුවනම් ඊළඟට කරන්න ඕනෙ දේ කියන්න ඕනෙ නෑනෙ...
තෙරුවන් සරණයි !

Saturday, February 16, 2013

How to save Copy Protected Images in a web site - කොපි ප්‍රොටෙක්ටඩ් පිංතූර ලේසියෙන්ම සේව් කරගමු.


මාස දෙකක විතර දිගු නිහැඬියාවකින් පස්සෙ අදයි පොස්ට් එකක් ලියන්නෙ.

අද මම ලියන්න අදහස් කලේ කොපි ප්‍රොටෙක්ටඩ් (copy protected) පිංතූර කොහොමද ලේසියෙන්ම කොපි කරගන්නෙ කියලා. ඒකිවුවෙ, සමහර වෙබ්සයිට් තියෙනවා , ඒවගෙ පල කරලා තියෙන පිංතූර සේව් කරගැනීමේ පහසුකම අහුරපුවා. අන්න ඒවට තමා කියන්නෙ copy protected කියලා. 

අපි සාමාන්‍යෙයන් පිංතූරයක් සේව් කරගන්න අවැසි වුනාම කරන්නෙ.. පිංතූරෙ උඩ Mouse right Button එක click කරලා save image as කියල option එක හරහා කියලා කවුරුත් දන්නවනේ. ඉතිං ඒ වගේ සේව් කර ගන්න බැරි පිංතූරත් තියෙනවා.. 

දැන්න අන්න එහෙම ඉමේජ් එකක් සේව් කරගමු.

1. දැන් යන්න copy protected images තියෙන සයිට් එකකට. උදා : CNN :p

2. ගිහිල්ලා බලන්න අදාල පිංතූරය උඩ Mouse Right Button එක click කරාම save image as කියන option එක පෙන්වනවද කියලා. බැරිවෙලාවත් එහෙම පෙන්නුවොත් කෙලින්ම ඒ හරහා අපිට අපි කරන වැඩේ කරගන්න පුළුවන්.

3. එහෙම නොවුනොත් web browser එකේ Tools මෙනු එක click කරන්න. ඒකරලා drop down menu එකෙන් "Page info" කියන එක click කරන්න. එතකොට ඔයාලට මෙන්න මෙහෙම dialog box එකක් open වෙයි.


ඔය පිංතූරයක් දාලා තියෙන්නෙ. අන්න ඒ විදිහට එකක් open වෙයි. (හැබැයි මම මේ කියන්නෙ Mozilla Firefox වෙබ් බ්‍රවුසර් එක යූස් කරන අයට.) සාමාන්‍යෙන් ඕක Open වෙනකොට General කියල ටැබ් එක තමා open වෙන්නෙ. ඔයාලා ,එයිට එහාපැත්තෙන් තියෙන Media කියන ටැබ් එකට යන්න. එතකොට පහත පිංතූරයේ දක්වා තියෙන විදිහට පේන්න ඕනෙ.

එහි ඇති Address යන්නෙන් අදහස් වන්නේ එම වෙබ් පිටුවෙහි ඇති Media එහෙම නැත්තම් පිංතූර වලට අදාල Bddress එක. මම ඔය පිංතුරෙ පෙන්වලා තියෙන විදිහට නිල්පාටින් හයිලයිට් වෙලා තියෙන ඇඩ්‍රස් එකට අදාල පිංතූරය තමා ඔය Media Preview කියන එක යටතේ...පෙන්වලා තියෙන්නෙ. 


ඉතිං ඉතුරු ටික නම් අපෙ කොල්ලොන්ට කියන්න දෙයක් නෑ. ඒත් මම කියන්නම්. දැන් ඉතිං වැඩේ කරලා ඉවරයි කියලා හිතාගන්න. දැන් කරන්න තියෙන්නෙ කහපාටින් හයිලයිට් කරලා තියෙන Save as කියන එකට කොටලා අදාල රූපය සේව් කර ගන්න එකයි.





එහෙනම් මම ගියා.

වැදගත් කියලා හිතුනනම් Like & Comment එකක් දාලා ගියාට මම තරහ නැතෝ.

නැවතත් ලිපියකින් හමුවෙමු.

තෙරුවන් සරණයි.!

Saturday, November 3, 2012

පරිගණක දෙකක ජාලයක් නිර්මාණය කරමු.


පරිගණක ජාලයක් කිවු සැනින් අපගේ මතකයට නැගෙන්නේ පරිගණක දෙකකින් සමන්විත සරල ජාලයකි.මෙවැනි ජාලයකින් අපට ලබා ගත හැකි ප්‍රෙයාජන කිහිපයක් සදහන් කරන්නම්, පරිගණක දෙක ඔස්සේ දත්ත හුවාරු කර ගැනීමට සහ ප්‍රින්ටර්,ස්කැනර් වැනි අමතර උපකරණ පොදුවේ භාවිතා කිරීමට මෙමගින් ඉඩ ප්‍රස්ථාව සලසා ගන්න පුළුවන්.ඇත්තම කියනවනම් පරිගණක දෙකක් ජාල ගත කරන්න තියෙන ලාභම සහ පහසුම ක්‍රමය මේක කියලා කිවුවොත් නිවැරදි.

හරි ,කතාව පැත්තකින් තියලා දැන් වැඩේට බහිමුද...?????


අපි දැන් බලමු මේ වැඩේට අපිට ඕන කරන්නේ මොනවද කියලා...
මෙන්න මේ ටික තමා.

අනිවාර්යෙන්ම පිරිගණක 2 ක් ඕනෙමයි (නෙට්වර්ක් කාඩ් තියෙන)
නෙට්වර් කේබල් එකක් - Crossover cable (standard color එක නම් කහපාට හොදේ)

හරි , අපි දැන් බලමු නෙට්වර්ක් එක හදන්නේ කොහොමද කියලා.පහත පියවරවල් අනුගමනය කරන්න.

1. Main computer එකේ Network connections වලට යන්න ඕනේ.WIN key + R කී එක ප්‍රෙස් කරලා Run එකට ගිහින් මෙන්න මේක ටයිප් කරන්න."ncpa.cpl" (උඩු කොමා නැතිව හොදේ :p)

දැන් එයි පහත පිංතූරේ තියෙන විදිහට 


 2. හරි දැන් ඔයාගේ Local area connection කියන එක උඩ මවුස් එකේ Right Button එක click  කරන්න.එතකොට මෙන්න මෙහෙම...(:P)



3.දැන් Internet Protocols (TCP/IP) click කරන්න.ඊට පස්සේ Properties තෝරන්න.
  4. Now select "Use the following IP address", and input the following: මේ විදිහට ඔය ටික කරන්න.

IP address: 192.168.2.1
Subnet Mask : 255.255.255.0
Default Gateway : 192.168.2.2

5. Now click on "Use the following DNS server Addresses", and input the following beside "Preferred DNS Server"
Preferred DNS Server: 192.168.2.2
Click "OK" and then "OK" again to complete the process
See image below for how it should look.
පහත පිංතූරේ තියෙන විදිහට තියෙන්න ඕනේ.



 6. දැන් අනිත් කම්පියුටර් එකේ පහත විදිහට නෙට්වර්ක් සෙටිංන්ස් හදන්න.
WIN key + R කී එක ප්‍රෙස් කරලා Run එකට ගිහින් මෙන්න මේක ටයිප් කරන්න."ncpa.cpl" (උඩු කොමා නැතිව හොදේ :p)







7. හරි දැන් ඔයාගේ Local area connection කියන එක උඩ මවුස් එකේ Right Button එක click  කරන්න.එතකොට මෙන්න මෙහෙම...(:P)



8. දැන් Internet Protocols (TCP/IP) click කරන්න.ඊට පස්සේ Properties තෝරන්න.

9. දැන් පහත විදිහට විස්තර ටික ඇතුල් කරන්නකෝ..

    Now select "Use the following IP address", and input the following:
IP address: 192.168.2.2
Subnet Mask : 255.255.255.0
Default Gateway : 192.168.2.1
 Now click on "Use the following DNS server Addresses", and input the following beside                 "Preferred DNS Server"
Preferred DNS Server: 192.168.2.1

Click "OK" and then "OK" again to complete the process

වැඩේ සරි. එහෙනම් ලයික් එකක් කමෙන්ට් එකක් එහෙම දාලා ගියාට කමක් නෑ.

නැවත හමුවෙමු..
Goodbye..!!!







Tuesday, October 30, 2012

ස්කයිප් ගිණුමට ලොග් වෙන්නම බැරිද...? ස්කයිප් ගිණුමේ හිටපු යාළුවෝ කවුද කියලා බලා ගන්න.,මෙන්න මෙහෙම...

අද මම කියලා දෙන්න යන්නේ....පාස්වර්ඩ් එකක් අමතක වුණ ස්කයිප් ගිණුමක හිටපු ස්කයිප් යාළුවන්ගේ නම් මොනවද කියලා හොයා ගන්න විදිහක්.....(පෝස්ට් එක කියවලම බලන්නකෝ....)

කලිං පෝස්ට් එකේ ලිවුව විදියටම මේකත් අර Main කියල ෆයිල් එකෙන් ගන්න ලොකුම වැදගත්ම වැඩක්. තියෙන වැඩක්. හැබැයි main කියල ෆයිල් එක ඩේටා බේස් ෆයිල් එකක්. එකේ තියෙන ඩේටා මොනවද කියලා අපිට නිකං බලා ගන්න බෑ, ඒකට පොඩි මෘදුකාංගයක් ඕන කරනවා..

මෙතනින් ගිහින් ඒක බාගන්නකෝ

බය වෙන්න එපා චූට්ටං සොෆ්ට්වෙයාර් එකක්. එක unzip කරාම ඒ සොෆ්ට්වෙයාර් එක නිකම්ම ඕපන් කර ගන්න පුළුවන්.ඉන්ස්ටෝල් කිරීමක් අවශ්‍ය නෑ.

UnZIP කරලා ඉවර උනාම ඔය නිලා පාටින් මාර්ක් කරලා තියෙන්නේ....අන්න ඒක ඕපන් කර ගන්න.



සොෆ්ට්වෙයාර් එක ඕපන් උනාම ඔය උඩින් තියෙන පිංතූරේ විදිහට තියෙයි....

ඊට පස්සේ මම අර මුලින් කියපු විදියට Run Window එකේ     %appdata%\Skype    කියන එක ටයිප් කරලා යන්න ස්කයිප් එකේ ෆෝල්ඩර් එකට. දැන් අපිට ලොග් වෙන්න බැරි ස්කයිප් අකවුන්ට් එකේ ” Main ” කියන ෆයිල් ඒක කොපි කරගෙන ඇවිත් ඩෙස්ක්ටොප් එකට Paste කරගන්න. 


දැන් අර පොඩි Software කෑල්ල Open කරගන්න. ඊට පස්සේ Ctrl+O ඔබලා Open වින්ඩෝ එක ගන්න. එකෙන් අපි ඩෙස්ක්ටොප් එකට Paste කරගත්තු ” Main ” කියන ෆයිල් එක තෝරලා Ok කරන්න.

ඒ main file එක ඕපන් කර ගත්තහම මෙන්න මෙහෙම තියෙන්න ඕනේ....


මලා, එකපාරටම ඕක දැක්කහම අපේ ස්කයිප් යාළුවන්ගේ නම් බලා ගන්නේ කොහොමද..?ඒකත් හරිම ලේසියි.....ඕකේ ඔය තියෙන්නේ Browse Data කියලා ටැබ් එකක්...අන්න ඒක click කරලා...එන Drop down list එකෙන් Contacts කියලා තෝරන්න.(යටින් තියෙන පිංතූරේ පෙන්නලා තියෙන්නේ Browse data කියන ටැබ් එක)



ඔන්න වැඩේ හරි....දැන් ඉතින් කරලා බලන්න. ඔය විදිහට කලාම ඔයාගේ ස්කයිප් එකේ හිටපු යාළුවෝ ගෙඩිය පිටින්ම ඔයාට බලා ගන්න පුළුවන්........................

එහෙනම් මම විසිවුණා...තව ලිපියක් ඉදිරියේදී...
Comment එකක් එහෙම දාලා යන්න....:p


Monday, October 29, 2012

ඔබේ ස්කයිප් ගිණුම ආරක්ෂිතයි කියලා ඔබ හිතනවද ...අපෝ නෑ...මෙන්න ආරක්ෂා වෙන්න





ඔන්න අද මම කියන්න යන්නේ....ඔබ ආරක්ෂිතයි කියලා හිතන් ඉන්න,එහෙත් අනාරක්ෂිත ඔබගේ ස්කයිප් ගිණුම ආරක්ෂා කර ගන්න විදිහක්. මේක ගොඩක් දෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවා. ඒ හින්දයි කාලෙකට පස්සේ මේ පෝස්ට් එක ලියන්න පටන් ගත්තේ. ඔන්න එහෙනම් මේකයි සිද්ධිය..

මෙතන වැඩි හරියක්ම මේ කේස් එකට මුහුණ දෙන්න වෙන්නේ ඉන්ටර්නෙට් කැෆේ (Internet Cafe)වලින් ස්කයිප් ලොග් වෙන අයට. මොකද දන්නවද ඒ...අපි කොතනක හෝ තිබෙන පරිගණකයකින් ස්කයිප් ලොග් වෙන කොට , අපේ නමින් ඒ පරිගණකයේ එක්තරා ස්ථානයක වෙනමම Folder එකක් හැදෙනවා. ඒක බලන කෙනෙකුට පුළුවන් ඔයාගේ ගිණුමේ ඉන්න කට්ටිය කවුද කියලා....කිසිම පාස්වර්ඩ් එකක් වත් ඔයාගේ අනුදැනුමක් නැතුව..බලාගන්න. ඉතිං..ටිකක් භයානකයි නේද වැඩේ...ඒක වළක්ව ගන්න හැටි තමා මම අද කියලා දෙන්න යන්නේ...හොදට පෝස්ට් එක කියවලා කරන්න......

(හැබැයි අනුනට ගිණි ගෙඩි දෙන්න යන්න එපා ..පවුනේ :p)

මේක කියලා දෙන්නේ ඔයාගේ ආරක්ෂාවට.සමහර විට මේක දන්න අය දැනටමත් ඔයාගේ ගිණුමට රිංගලාද දන්නේ නෑ...හිහ් හී.....






උඩ පිංතුරේ තියෙන විදිහට වින් කී (WIN key)එකයි ආර් (R) කී එකයි එකවැර ප්‍රෙස් (Press)කරන්න.මතුවෙන Run එකේ පහත පිංතූරේ තියන එක  %appdata%\Skype කියලා ටයිප් කරන්න.





ඒකරලා එන්ටර් (Enter)කරන්න.එතකොට පහළින් තියෙන විදිහට ෆෝල්ඩර් එකක් ඕපන් වෙයි.ඔය බොද කරලා තියෙන්නේ මගේ computer එකෙන් ලොග් වෙච්ච ස්කයිප් ගිණුම් වල නම් ටික.



මෙහෙම ඕපන් වුණු ඔයාගගේ Folder එකේ තියෙන ඔයාගේ Name එකින් Create වෙලා තියෙන Folder එක SHIFT Key එක ඔබාගෙන් Delete කරලා දාන්න.එතකොට කාටවත් ඔයාගේ ගිණුමේ විස්තර බලා ගන්න බෑ...



අදට මෙතැනින් ඉවරයි. ඊළග පොස්ට් එකෙන් මම ලියන්න හිතාගෙන ඉන්නේ පාස්වර්ඩ් එක නැතිවුණ සික්යිප් ගිණුමක හිටපු යාළුවන්ගේ Skype Name බලා ගන්න විදිහ...

එහෙනම් මම ගියා.
බුදු සරණයි !!!

ලයික් එකක් කමෙන්ට් එකක් දාලම යන්න.


Thursday, August 9, 2012

What is a " bad sector on HDD " and how can "repair" it......?


මොකද්ද මේ බෑඩ් සෙක්ටර් එකක් කියන්නේ. කොහොමද රෙපෙයාර් කර ගන්නේ....?


ඔන්න යාළුවනේ....මාස පහ හයකට පස්සේ අද තමා පොඩි නිවාඩුවක් හම්බුනේ පොස්ට් එකක් ලියන්න......මේක කාලීන මාතෘකාවක් විදිහට ලියන්න තමයි ට්‍රයි එක. ගොඩක් අයට මේ වගේ කේස් තියෙන හින්දා හිතනවා ප්‍රයෝජනවත් කියලා......


මොනවද මේ බෑඩ් සෙක්ටර්ස්......? What are those BAD SECTORs


සාමාන්‍යෙයන් අපි දන්නවා අපේ පරිගණකයේ දත්ත ගබඩා වෙලා තියෙන්නේ....දෘඩතැටිය තුල කියලා. ඉතිං ඕක හරියට අපේ අයියලාට වැදගත්,මොකද ගර්ල්ෆ්‍රෙන්ඩ් ගෙ ෆොටෝ එක,කොල්ලො හොරෙන් බීපු හැටි....ඒ වගේ ෆන්ෂන් වල පොටෝ එහෙමත් හංගලා ඇති. ඉතිං මොනව නැතත් හාඩ් එක පරිස්සම් කරගෙන ඉන්න එපැයි කම්පියුටර් එක වැඩ කරවගන්න.

ඉතිං බෑඩ් සෙක්ටර් ඒකක් කියල කියන්නේ කියවීමට නොහැකි දත්ත පොකුරක්/ටිකක්,කියන එක.ඉතිං මෙහෙම උනාම කම්පියුටර් එක ස්ලෝ ඩවුන් වෙනවා. බය වෙන්න දෙයක් නෑ, පොඩි ජිල්මාට් ටිකක් දැම්මහම වැඩේ කර ගන්න පුළුවන්.


There are various problems that can cause HDD bad sectors:
විවිධ හේතු කිහිපයක් තියෙනවා හාඩ්ඩිස්ක් එකක බෑඩ් සෙක්ටර්ස් ඇතිවෙන්න.

  • නුසුදුසු ක්‍රම වලට පරිගණකය විසන්ධි කිරීම.
  • බාල තත්ත්වයේ හාඩ් ඩිස්ක් යොදා තිබීම.
  • දුහුවිලි බැදී තිබීම.
  • තත්ත්වයෙන් බාල වර්ගයේ කේබල් භාවිතය.
  • ඩිස්ක් හෙඩ් එක අතපත ගෑම.
  • සීමාව ඉක්මවා රත්වීම/ඕවර්හීට් වීම.
  • තත්ත්වයෙන් බාල කූලිං ෆෑන් භාවිතය.
 There are two types of bad sectors – hard and soft.
බෑඩ් සෙක්ටර්ස් වර්ග දෙකක් අපට හදුනා ගැනීමට පුළුවන්.

Hard bad sectors 
 
ඇත්ත වශයෙන්ම මෙම වර්ගයේ බෑඩ් සෙක්ටර්ස් නැවත ප්‍රකෘතිමත් කිරීමට නොහැකි,භෞතික වශයෙන් දෘඩ තැටියට වූ හානි ලෙස අපට හදුන්වන් පුළුවන්. ඔබ පර්ගණකෙය් වැඩ කරන අවස්ථාවකදී/හාඩ් ඩිස්ක් ඒක ඩේටා රයිට් කිරීමක යෙදී ඉන්න අවස්ථාවකදී ගැස්සීමකට මුහුණ දෙනවානම් ඇත්ත වශයෙන්ම එය හාඩ් ඩිස්කයක් තුල බෑඩ් සෙක්ටර් එකක් ඇති කිරීමට හේතු වෙනවා. මෙම හාඩ් බෑඩ් සෙක්ටර්ස් අපිට ප්‍රකෘතිමත් කල නොහැකි අතර ඇතිවීම වළක්වා ගැනීමට පුළුවන්.

Soft bad sectors 

මෙම වර්ගයේ බෑඩ් සෙක්ටර්ස් හමුවන්නේ Error Correction Code (ECC) එකක් ඩිස්ක් එකක් තුල හමු වූ විටයි. මෙවැනි සොෆ්ට් බෑඩ් සෙක්ටර්ස් හමුවන්නේ පරිගණකය ෆෝමැට් කිරීමේදී සිදුවන වැරදීම් නිසා. ඇත්ත වශයෙන්ම මේවා භෞතික නොවන බැවින් ප්‍රකෘතිමත් තත්ත්වයට පත්කිරීමට හැකිය. එසේ කිරිමට හැකිවන්නේ මුල සිටම නැතව ඔපරේටිං සිස්ටම් එක ප්‍රතිස්ථාපනය කල විටයි.

බෑඩ් සෙක්ටර්ස් රිපෙයාර් කිරීමටට වින්ඩෝස් තුලම ටූල් එකක් දීලා තියෙනවා....

To run Check Disk do this:


  • Find the My Computer icon on your desktop and double-click it;
  • Find the disk you want to check, right-click it and go to Properties;
  • In the Properties dialog box go to Tools;
  • Click Check now;
  • A new dialog box will appear, check both options and click Start;
  • Most likely you will get a message that Check Disk wants exclusive access to the disk and wants to start right after your reboot. Click OK;
  • Restart your computer.

අපි කවුරුත් අහල තියෙනවනේ ලෙඩේට බෙහෙත් හොයනවට වඩා ලෙඩේ හැදෙන එක වළක්ව ගන්න එක ඇගට ගුණයි කියලා.බෑඩ් සෙක්ටර් වලටත් ඒ පට්ට ටෝක් එක වළංගුයි. බෑඩ් සෙක්ටර්ස් ඇති වෙන්න කලිං අපි වළක්වාගත්තොත් අපි දිනුම්.....

Preventing bad sectors
You can help prevent bad sectors (always better than trying to repair them!) by paying attention to both the hardware and the software on your computer.
Preventing bad sectors caused by hardware
  • Make sure your computer is kept cool and dust free;‍
  • ඔබගේ පරිගණකය දුහුවිල්ලෙන් තොරව හා සිසිලන පද්ධතිය සක්‍රීයව පවත්වා ගන්න.
  • Make sure you buy good quality hardware from respected brands;
  • සෑම විටම උසස්ම වර්ගයේ අමතර කොටස්‍ සුප්‍රසිද්ධ වෙළදනාමකරුවන් ගෙන් පමණක් ලබා ගන්න.
  • Always move your computer carefully;
  • පරිගණකය එහා මෙහා රැගෙන යාමේදී හැකි සෑම විටම ප්‍රෙව්ශම් වන්න.
  • Keep your data cables as short as possible;
  • ඩේටා කේබල්ස් හැකි පමණ කෙටියෙන් තබා ගන්න.
  •  Always shut down your computer correctly - use an uninterrupted power supply if your house is prone to blackouts.
  • නිවැරදි/සුදුසු ආකාරයෙන්ම පමණක් පරිගණකය ක්‍රියා විරහිත කරන්න. ඔබගේ නිවසේ නිකරම විදුලිය බිද වැටේනම් යූ.පී.එස් (අමතර විදුලි සැපයුමක්) භාවිතා කරන්න.
  •  ජෙනුයින් වයිරස් ගාඩ් භාවිතයට ගන්න.


Sunday, February 19, 2012

IP Camera - Internet Protocol camera - ආරක්ෂක කැමරා


INTERNET PROTOCOL CAMERA ( IP CAMERA ) - අන්තර්ජාල සහසම්බන්ධතාවයකින් යුත් ආරක්ෂිත කැමරා මාර්ගයෙන් ඔබගේ නිවස,ව්‍යාපාරික ස්ථානයට පූර්ණ රැකවරණය.

අද ලිපිය නම් පරිගණක තාක්ෂණය ගැන නෙමේ.....ඉන් ඔබ්බටත් දෙයක් කරන්න හිතුනා............
කවුරුත් දන්න දෙයක් තමා කාර්යබහුල ජිවන රටාවත් එක්ක තමන්තේ දේපළ,වතුපිටි,නිවාස ආරක්ෂාකර ගන්න තමන්ටම හැකි වෙන්නේ නෑ.....මොකද ඒකට වෙලාවක් නැති නිසා.....ඒ කියලා මුර කාරයෙක් දාන්නත් බෑ....අද කාලේ එවුන් තියන ටිකත් අතගාගෙන යන නිසා...අනික මුරට දාන්න හිතාගෙන කෙනෙක් ගෙනාවත් වෙන්නේ ..එයා ඉල්ලන වැටුප ගැන ඇහුවහම ,ඒකත් ඕනේ නෑ කියලා අල්ලලා දාන්න....

මේ වගේ ප්‍රශ්න වලට තමා එදිනෙදා මූණ දෙන්නේ....ඒකට හොද පිළියමක් නම් තියෙනවා.....ඒ තමා තමන්ගේ දේවල් වලට ෂුවර් ආරක්ෂාවක් දාගන්න එක...අද ඉතිං තාක්ෂණේ දියුණුව තමා අපේ පිහිටට ඉන්නේ......නවීන පන්නයේ ආරක්ෂිත කැමරා (Security camera system) එකක් තියෙනවනම් ඒ කරදරෙත් ෂේප්...

What is a IP camera........?
මොකක්ද...........................?

පළවෙනි කේන්ද්‍රිත අයි.පී කැමරාව නිෂ්පාදනය කරල තියෙන්නේ....1996 ඇක්සිස් කමියුනිකේෂන්ස් (Axis Communications) කියන සමාගම...

මෙවන් කැමරාවක් භාවිතා කිරීමට අන්තර්ජාල සම්බන්ධතාව තමා බෙහෙවින්ම බලපාන කරුණ....අන්තර්ජාලය භාවිතා කරන අයනම් දන්නවා අයි.පී ඇඩ්‍රස් එක කියන්නේ මොකක්ද කියලා...ඒක අන්තර්ජාලය තුල තමන්ට හිමි අංකයක්.පර්ගණකයක් වේවා..ප්‍රින්ටර් එකක් වේවා..රවුටඑකක් වේවා..අපි මේ කතා කරන අයි.පී. කැමරාවක් වේවා..ඒ හැම උපකරණයකටම තියෙන්නේ වෙනමම අයි.පී අංකයක්.දැන් දැන් ඇහෙන කතා බහ වලට අනුව මේ කාලෙදි..භාවිතා කරන 32-bit Internet Protocol Version 4 (IPv4) එක මදිවෙයි කියලා...ඒ තරමටම අද ලෝකය අන්තර්ජාලය භාවිතා කරනාවා...ඒක නිසා Internet Assigned Numbers Authority (IANA) කියන ජාත්‍යන්තර ආයතනය නවතම අයි.පී ඇඩ්‍රස් ක්‍රමයක් හදුන්වා දෙන්න යනවා...ඒ තමා 128-bit Internet Protocol Version 6 (IPv6). එතකොට වැඩි අයි.පී අංක ගණනක් ජනනය කිරීමට හැකියාව ලැබෙනවා....


එතකොට මේ අයි.පී කැමරා භාවිතා කරන්නේ කොහොමද......

මේ කැමරාව අදාල කේබල් මාර්ගයෙන් පරිගණකයට සම්බන්ධ කරනවා.කැමරාව අවශ්‍ය ස්ථානයේ සාථානගත කරනවා. (සාමාන්‍යෙයන් මේ කැමරා වල අයි.පී අංකය කම්පැණිඑකෙන්ම කැමරාව පිටුපස මුද්‍රණය කරලා එවනවා)

ඊට පස්සේ වෙබ් බ්‍රවුසර් එකක් මාර්ගයෙන් ඇඩ්‍රස් බාර් එක තුල...මේ කැමරාවේ අයි.පී ඇඩ්‍රස් එක ටයිප් කරලා සර්ච් කරනවා. එතකොට අදාල දර්ශන තලය නිවැරදිව හා ඉතාමත් පැහැදිලිව දැක ගැනීමට පුළුවන්......

අනික මෙම කැමරාව ඇතුලතම මෙමරි ස්ටික් එකක් ඇතුල් කරලා දර්ශන පටිගත කිරීමේ හැකියාවද ඇතුලත් කරල තමා නිපදවලා තියෙන්නේ......ලෝකප්‍රසිද්ධ අයි.පී.කැමරා වර්ගය තමා මොබොටික්ස් (MOBOTIX ip camera solutions)කියන්නේ..මෙයාල කියන විදිහට Closed-circuit television (CCTV) වලටත් වඩා තාක්ෂණයෙන් අනූනයි...
Link
පහත සබැදුමෙහි ඇති වීඩියොව නරඹා පූර්ණ අවබෝධයක් ලබාගන්න...

වීඩියෝව බලන්න...

තවත් එකක් බලාපොරොත්තුවන්න....